තවත් පිළිකා කාරක පොල්තෙල් තොගයක් රේගුවෙන් නිදහස් කරලා…

තවත් පිළිකා කාරක පොල්තෙල් තොගයක් රේගුවෙන් නිදහස් කරලා…

පිළිකා කාරක අඩංගුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් තොගයක් නිදහස් කර තිබේ.

සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී ඊයේ (23) රේගුව ඒවා නිදහස් කර ඇත.

මේ සම්බන්ධයේන අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා ඇති වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකළ හැකි බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්