තමන්ගේ වාර්තාව ගැන මුදල් අමාත්‍යාංශ ලේකම් බොරු කියයි…

තමන්ගේ වාර්තාව ගැන මුදල් අමාත්‍යාංශ ලේකම් බොරු කියයි…

සීනි ආනයනය සම්බන්ධයෙන් රුපියල් කෝටි 1,590ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේස්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමත් සමග මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එවැනි පාඩුවක් රජයට සිදුවී නැති බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර තිබේ.

එහෙත් පසුගිය දා මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් රුපියල් කෝටි 1,590ක සීනි බදු වංචාවක් සිදු කර ඇති බවට කරුණු දක්වා ඇත. ඒ අනුව මුදල් කාරක සභාව විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව ඊට අදාළ සවිස්තර කරුණු සහිතව රුපියල් කෝටි 1,590ක සීනි බදු වංචාව පිළිබඳව තහවුරු කර ඇත.

අමාත්‍යාංශයක මූල්‍ය බලධාරියා වශයෙන් අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා මූලික වගකීම දරණු ලැබේ. එසේ තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල අද (12) මාධ්‍ය හමුවක් පවත්වමින් එවැනි වංචාවක් සිදුව නැති බවට කරන ලද ප්‍රකාශය ඔහුගේ වගකීම යටතේ මුදල් කාරක සභාවට නිකුත් කළ වාර්තාවට සම්පූර්ණයෙන්ම පටහැනිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්