කොරෝනා තවත් අලුත් ප්‍රභේදයක් හමුවෙයි

කොරෝනා තවත් අලුත් ප්‍රභේදයක් හමුවෙයි

සීග්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස් ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක් මෙරටින් හඳුනාගෙන ඇති බව අද (12) නිවේදනය කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් මේ බව සොයාගෙන ඇතැයි අද නිවේදනය කෙරිණි. ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගෙන් මේ බව සොයාගෙන ඇත.

ඒ පිළිබඳව මාධ්‍යයට අනාවරණය කළ ආචාර චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත අයෙක් ලංකාවෙන් සොයාගත්තේ මුල් වරට බවය. ඒ සමගම එංගලන්තයේ වෛරස් ප්‍රභේද 04ක් සහ දකුණු අප්‍රිකාවේ මෙම වෛරස් ප්‍රභේදයත් සමග මෙරට තුළ වෛරස් ප්‍රභේද 05ක් හඳුනාගෙන ඇති බව වෛද්‍යවරයා හෙළිකළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්