රාජ්‍ය බැංකු ආණ්ඩුවට රතු එළි දල්වයි

රාජ්‍ය බැංකු ආණ්ඩුවට රතු එළි දල්වයි

වසර ගණනාවක් තිස්සේ විසඳා නැති මූලික ගැටලු තුනකට විස‍ඳුම් ලබාදෙන ලෙස බලකරමින් මේ මස 16 වැනිදා සිට දින 3ක් සියලුම රාජ්‍ය බැංකු තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය හෙළිකරයි.

බැංකු සේවකයන්ගේ අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබාගැනීම බැංකු සේවයට බඳවා ගන්නා අයගේ පුහුණු කාලය රාජ්‍ය බැංකු තුළ අවුරුදු 03ක් දක්වා ඉහළ දමා තිබීම යළි අවුරුදු දෙකකට අඩු කර ගැනීම සහ බැංකු තුළ ඇතිවී තිබෙන පරිපාලන ගැටලු විසඳන ලෙස බලකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීමට සැලසුම්කර ඇත.

මෙම ක්‍රියාමාර්ග අවසන් කෙරෙන 18 වැනි දින කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතය. 16 වැනි දින සිට රාජකාරි වේලාවන්හිදී විරෝධතා ලාංඡන පැළඳගෙන සිටීම, පත්‍රිකා බෙදීම, ඇතුළු ක්‍රියාමාර්ග දියත් කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn