අප රටේ කාන්තාවන් වැඩි පිරිසක් දිනෙන් දින ශ්‍රම බළකායට එක්වෙමින් සිටින අතර ආර්ථික හා සමාජ අර්බූදය උග්රවත්ම වඩ වඩාත් මානසික හා ශාරීරික සූරාකෑමට ලක්වන වැඩ කරන කාන්තාව සංවිධානාත්මක ශක්තියක් වෙමින් ගොඩනැගූ ‘‘වැඩකරන කාන්තාවෝ’’ මංගල සමුළුව හා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ උත්සවයක් පසුගිය මාර්තු 08වනදා දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන රැස්වීම් ශාලාවේදී පවත්වා තිබේ.
මෙම අවස්ථාවට විවිධ ආයතනවල හා වතු ක්ෂෙත්රය නියෝජනය කරන කාන්තාවන් සම්බන්ධ වී ඇති අතර එහිදී වැඩකරන කාන්තාවෝ වෙබ් අඩවියද www.workingwomenlk.org එළිදක්වා ඇත.
අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ආරාධිත දේශනය පවත්වා තිබේ.
Views: 0













