කොවිඩ් – 19 එන්නත මගින් ප්‍රතිශක්තිකරණය ඇති වීම සඳහා අවම වශයෙන් දින 14 – 21 කාලයක් ගත වන බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. එකිනෙකාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්රතිචාරයන් අනුව එම කාලය අඩු වැඩි වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටී.
“කිසිඳු එන්නතක් සඳහා කිසිම පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්ෂණික ෂණිකව ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. අඩුම වශයෙන් එයට සති තුනක්වත් ගතවෙනවා. කොවිඩ් එන්නතද මේ ක්‍රියාවලියෙන් වෙනස් වන්නේ නැහැ” මහාචාර්යවරිය අවධාරණය කරයි.
කොවිඩ් එන්නත ලබාගත් සෞඛ්‍ය සේවකයන් 2,000ගේ පමණ රුධිර සාම්පල මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරික්ෂා කරමින් ඇති බවත් ඒවායේ ප්‍රතිචාර සාධනීය බවත් ඇය වැඩිදුරටත් කියා සිටියි.
Views: 0










