ආණ්ඩුව තුළ මතුව ඇති වර්තමාන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (10) සවස 5.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට ආරාධනා කර ඇත.
පාස්කු ජනාධිපති කොමිසමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රිලනිප නායකයින් දිගින් දිගටම සිය අප්‍රසාදය පළ කරමින් සිටිති. මේ අතර පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් තරග කළ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහිව තැන්තැන්වල ප්‍රකාශ නිකුත් කිරීමටද පටන් ගෙන තිබේ.
ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් එම පක්ෂය තීන්දුවක් ගෙන නොමැත.
Views: 0










