එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මෙයට පෙර ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව කරුණු ඇතුළත් යෝජනාව සංශෝධනය කිරීමෙන් අනතුරුව මහා බ්‍රිතාන්‍යය විසින් අද එය නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව සංවාදය යළි ආරම්භ කිරීමට සැළසුම්කර තිබේ. මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වීමෙන් පසුව එම යෝජනාවට පක්ෂව මේ දක්වා රටවල් 38ක් කරුණු ඉදිරිපත් කර ඇති අතර, යෝජනාවට විරුද්ධ ස්ථාවරයක සිට කරුණු ඉදිරිපත් කර ඇත්තේ රටවල් 31ක් පමණි.
මේ වන විට අසල්වැසි ඉන්දියාවේ සහයෝගය ලංකාවට නොලැබෙන බව තහවුරු වී ඇත. එහෙත් ඉන්දියාව සමග එක්වී ජපානය, ඕස්ට්‍රේලියාව, ඇතුළු රටවල් කීපයක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ වන විට ලෝකයේ පවතින ඇමෙරිකානු සහ චීනය මූලික කරගත් බල අරගලය හමුවේ ඇමෙරිකාවේ සහයෝගයට ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ ආරක්ෂක සංවිධානයක් ද පිහිටුවාගෙන තිබේ.










