තම නිළ නිවසේ සිදුවන කටයුතු නිරීක්ෂණය කරනවාදැයි ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් අසයි.
ට්විටර් පනිවිඩයක් නිකුත් කරන කැනඩා මහකොමසාරිස්වරයා තම නිළ නිවසේ පැවති පෞද්ගලික හමුවිම් මාධ්‍ය වෙත නිකුත් වුයේ කෙසේදැයි ප්‍රශ්න කරයි.
පසුගියදා කොළඹ 7 පිහිටි “කැනඩා හවුස්” හිදි කැනඩා මහකොමසාරිස් වරයා සහ බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් අරිෆුල් අතර හමුවක් සිදුවී ඇති අතර මාධ්‍ය සහභාගීත්වයෙන් තොරව සිදුවී ඇති මෙම හමුව පිළිබඳ විස්තර පසුව පුවත්පත් දෙකක පල විය.
යුරෝපා සංගමයද මෑතකදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්රියාකාරිකයන්ව රහසින් නිරික්ෂණය කරන කටයුතු උත්සන්න වී ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහකොමසාරිස් සාරා හුල්ටන් සහ දකුණු කොරියානු මහකොමසාරිස් අතර සාකාච්ඡාවක්ද සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශය සහ දකුණු කොරියාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රාජ්‍යයන් වන අතර බි්රතාන්යය සහ කැනඩාව මේ මස අග භාගයේදි පැවැත්විමට නියමිත ජිනිවා මානව හිමිකම් චන්ද විමසීමේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සම්මත කරගැනීමට උනන්දුවන රටවල් දෙකකි.










