රාජ්‍ය සේවකයින් සියල්ලන්ම අද සිට වැඩට..

රාජ්‍ය සේවකයින් සියල්ලන්ම අද සිට වැඩට..

කෝවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය සේවයේ නියුතු පිරිස් රාජකාරි සඳහා ගෙන්වා ගැනීම සීමා කරමින් පනවා තිබූ නිරෝධායන නීති රීති අදින් පසුව ක්‍රියාත්මක නොකෙරේ.

මේ නිසා රාජ්‍ය සේවයේ නියුතු සියලුම දෙනා රාජකාරි සඳහා පූර්ණ වශයෙන් යෙදවීම අද සිට ක්‍රියාත්මක කරන බව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ සංස්ථා ප්‍රධානීන්ට විශේෂ චක්‍රෙල්ඛයක් මගින් දන්වා තිබේ.

Facebook
Twitter
LinkedIn