ඒ පොලිස් නිලධාරියා ඝාතනය කළේ පොලිසිය – වීඩියෝ

ඒ පොලිස් නිලධාරියා ඝාතනය කළේ පොලිසිය – වීඩියෝ

කුරුවිට තරුණිය ඝාතනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් චූදිතයා බව කියන පොලිස් නිලධාරියාගේ මිය යාම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරීත්වය ශිෂ්ඨ සම්පන්න සමාජයකට කිසිසේත්ම නොගැලපෙන බවට දැඩි විවේචනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක ඉදිරිපත් කර තිබේ.

ඔහු පොලිසිය වෙත කරුණු කිහිපයක් ඔස්සේ බරපතළ විවේචනයක් එල්ල කරන අතර ඒ පොලිස් නිලධාරියා ඝාතනය කළේ පොලිසිය යනුවෙන් පවසයි. අත්‍යාවශ්‍යම තොරතුරු විමර්ශනය කිරීමේ අවශ්‍යතාව සඳහා පමණක් සමාජයට මුදාහැරිය යුතු CCTV දර්ශන නිකුත් කිරීම සහ පොලිස් නිලධාරියා ලියූ බව කියන පවුලේ අයට පමණක් ලියන ලද ලිපිය පොලිසිය විසින් ලෝකයටම මුදා හැරීම සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් එල්ල කර තිබේ.

එසේම කුරුවිට තරුණියගේ බව පවසමින් නිරුවත් ඡායාරූප ඇතුළු ඡායාරූප පළකිරීම සහ පොලිස් නිලධාරියාගේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මෙන්ම මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය විසින් ගෙන යන පිළිකුල් සහගත ප්‍රචාරය පිළිබඳ දැඩි විවේචනයක් සමාජ මාධ්‍ය සහ විශේෂයෙන්ම ප්‍රධාන ජනමාධ්‍ය වෙත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා විසින් එල්ල කර තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය මරණයෙන්වත් කෙළවරන නොකරන මාධ්‍ය භාවිතයක් ඇති බවයි.

Facebook
Twitter
LinkedIn