පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් රුපියල් කෝටි 7400ක මුදල් අච්චු ගසා ඇති අතර මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යමින් පවතී.
ආණ්ඩුව මේ ආකාරයෙන් සල්ලි අච්චු ගසා වෙළඳපොලට පොම්ප කිරීම නව මූල්‍ය න්‍යාය අනුව සිදු කරන අතර ඉදිරි මාස කිහිපයකදී ඩොලර් එකක් සඳහා ගෙවිය යුතු මිල රුපියල් 240 ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
මෙම තත්වය නිසා ඉදිරියේදී ජනතාවට දරාගත නොහැකි සේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමේ තත්වයක් පවතී. විශේෂයෙන්ම එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය මුල් කරගෙන ඇති වන මෙම තත්වය දිගු කාලීන ලෙස බලපානු ඇතැයි විශ්ලේෂකයෝ අනාවැකි පළකර තිබේ. විදේශයන්ගෙන් මෙරටට ගෙන්වන භාණ්ඩ සීමා කිරීම නිසාද තවත් පැත්තකින් මිල ඉහළ යෑමට හේතු වී ඇත.
Views: 0









