කොටගල එකම පවුලේ හය දෙනෙකුට කොරෝනා

කොටගල එකම පවුලේ හය දෙනෙකුට කොරෝනා

කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ එකම පවුලේ හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය තහවුරු කරයි.

මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ හැටන් පුලියාවත්ත ප්‍රදේශයේදි හදුනාගත් කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ස්වයං නිරෝධානයට ලක් කර සිටියදී PCR පරික්ෂාවන්ට භාජනය කළ පිරිසගෙනි.

මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ මෙසේ හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන්ද PCR පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn