දිනකට 15ක් දක්වා රිය අනතුරු මරණ ඉහළට

දිනකට 15ක් දක්වා රිය අනතුරු මරණ ඉහළට

මේ වනවිට රිය අනුතරු හේතුවෙන් දිනකට පුද්ගලින් 15 දෙනෙකු පමණ මරණයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ගතවූ පැය 24ක කාලය තුළද රිය අනතුරු හේතුවෙන් මරණ 15ක් පමණ සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙයින් මරණ 11ක් ඊයේ (05) සිදුවූ රිය අනතුරුවලින් වාර්තා වී ඇති අතර මරණ 4ක් ඊට පෙර සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගතව සිට මිය ගිය පුද්ගලයන් වාර්තා වී තිබේ.

මෙම මරණ කරුවන් අතරින් 06ක්ම මහාමාර්ගයේ ගමන් කළ පදිකයින් වන අතර 05 දෙනෙකුම යතුරුපපැදිවල ගමන් කළ පුද්ගලයින්ය.

මේ අනුව දිනකට රිය අනතුරු නිසා මිය යන සංඛ්‍යාව 15ක්දක්වා වර්ධනය වී ඇති බවත් එයින් වැඩිම වින්දිතයින් බවට පදිකයින් හා යතුරුපැදිකරුවන් බවට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

Facebook
Twitter
LinkedIn