මේ දක්වා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය සිදු කෙරුණත් අද (05) දින සිට මළසිරුරු භූමදානය කිරීම සිදු කරන බව යුද හමුදාපතිවරයා පවසයි.
කොවිඩ් ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් මඩකලපුව ඔට්ටමාවඩි කෝරලේපත්තුව ප්‍රදේශයේ තෝරාගෙන ඇති බවත් මේ වනවිට මළ සිරුරු භූමදානය කිරීමට අවශ්‍ය වලවල් හෑරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේදී පළමුවරට කොවිඩ් ආසාදිතව මිය ගිය මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු භූමදානය කර ඇති බවත් ඉදිරි පැය 24 තුළ තවත් මළසිරුරු කිහිපයක් සෞඛ්‍ය අංශයන්හි නිරීක්ෂණය මත යුද හමුදාවේ මැදිහත්වීමෙන් භූමදානය කිරීමට සූදානමින් සිටින බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.
Views: 0










