කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ඉරණතිව් දූපත සුදුසු නොවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සඳහන් කරයි.
ඇමතිවරයා මේ බව පවසන්නේ කොරෝනා වැලඳී මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය සඳහා කිලිනොච්චිය ඉරණතිව් දූපත තෝරාගෙන ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ කිරීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.
මෙම තීරණය සම්බන්ධයෙන් තමා ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් ඉරණතිව් දූපතේ මේ වනවිට මහජනයා පදිංචි වී සිටින බැවින් කොරෝනා මෘත දේහ වළ දැමීමට සුදුසු වෙනත් විකල්ප ඉඩම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස එහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරයි.
ඉරණතිව් දූපතේ මෑතකදී මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර එම දූපතේ ධීවර ජනතාව වෙනත් ධීවර නිෂ්පාදන ව්‍යාපෘති සඳහාද සාර්ථකව යොමු වෙමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දෙයි. ඒ හැර නාවික හමුදාවද එම දූපතේ සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
දූපතේ ජීවත් වන සුළු ජන කොටස්වලට ඇති නොවන, සාධාරණ තීරණයක් ආණ්ඩුව ගනු ඇතැයි තමා විශ්වාස කරන බව දේවානන්දා අමාත්‍යවරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා පැවසූ බවද සඳහන් කරයි.
මූළාශ්‍ර මව්බිම










