කොරෝනා; බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානය වහයි

කොරෝනා; බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානය වහයි

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අද (04) සිට දින හතරක් වසා දැමීමට කටයුතු කර තිබේ.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකු වෙත සිදු කළ අහඹු PCR පරීක්ෂණයන්ගෙන් කොවිඩ් ආසාදිත 10 දෙනකු හඳුනාගෙන ඇත.

ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස මෙම ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසා දමා තිබේ.

ආසාදිත තත්ත්වයට පත්වූ වෙළෙන්දන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළදාමේ යෙදෙන පුද්ගලයන් වන බැවින් ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා PCR පරීක්ෂණ හෙට (05) දිනයේදී සිදු කරන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn