කැස්බෑව නගර සභාවේ කොවිඩ් – 19 ආසාදිත පොකුර අද (04) වනවිට 10 දක්වා ඉහළ යාම හේතුවෙන් එම නගර සභාව සම්පූර්ණයෙන්ම වසා දමා එහි සේවක සේවිකාවන්ට සහ මහජන නියෝජිතයන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට තරණය කර තිබේ.
ඒ අනුව මේ වනවිට එම නගර සභාව මුළුමනින්ම වසා දමා ඇත.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පසුගිය 28 වන දින සිදු කරන ලද PCR පරීක්ෂණයේ පතිළුල පසුගිය 02වනදා සවස ලැබී තිබූ අතර එකී වාර්ථාව ලැබෙන මොහොත වනවිටත් සෞඛ්‍ය අංශයට අනුයුක්ත එලෙස PCR පරීක්ෂණ සිදු කළ සේවිකාවක් කැස්බෑව නගර සභාවේ පරිපාලන විසින් සේවයේ යොදවා තිබිණි.
එම සේවිකාවන් තිදෙනාම ආසාදිතයන් බව හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ සිදුකළ PCR පරීක්ෂණවලින් තවත් 06 දෙනෙකු අද හඳුනාගෙන ඇත.
ඒ අනුව කැස්බෑව නගර සභාව වසා දමා තිබේ.
Views: 0









