කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනයට තැන් 06ක් ගැන අධ්‍යනයක

කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනයට තැන් 06ක් ගැන අධ්‍යනයක

කොවිඩ් – 19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානයට ප්‍රථමයෙන්ම ඉරණතිව් දූපතෙ නම් කළද භූමදානය කළ හැකි තවත් ස්ථාන 06ක් පිළිබඳව අධ්‍යනය කර දැනුවත් කරන්නැයි අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පුත්තලම, ඕට්ටමාවඩි සහ මන්නාරම ඇතුළු ස්ථාන 06ක් මේ සඳහා නිර්දේශ කර ඇති බවත් ඒ පිළිබඳ අධ්‍යනය කර දැනුවත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

ඉරණතිව් දූපතෙහි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමේදී ගැටලුකාරි තත්වයක් මතුවුවහොත් සෙසු ස්ථාන 06හි ඊට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යනය මේ වනවිට ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.

මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට හානි නොවන ස්ථාන භූමදානය කිරීම සඳහා නම් කරන්නැයි මුස්ලිම් ප්‍රජාව තුළින්ම ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn