මේ සැරේ ගල් ලෙන බිඳින්න ආවොත් එලවලා දානවා – බැසිල් රාජපක්ෂ

මේ සැරේ ගල් ලෙන බිඳින්න ආවොත් එලවලා දානවා – බැසිල් රාජපක්ෂ

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ උපුටා දක්වමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබේ.

එහි දැක්වෙන්නේ “මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල්ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා..”
බැසිල් රාජපක්‍ෂ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක.” යනුවෙනි.

උදයංග වීරතුංග චෝදානා කිහිපියක්ම එල්ලවී ඇති අයෙකු වන අතර ඔහුට කුප්‍රකට මිග්යානා ගනුදෙනුවටද චෝදනා එල්ලවී තිබේ.

Facebook
Twitter
LinkedIn