කැස්බෑව නගර සභාවේත් කෝවිඩ් පොකුරක්…

කැස්බෑව නගර සභාවේත් කෝවිඩ් පොකුරක්…

කැස්බෑව නගර සභාවේ ගිණුම් අංශයෙහි කෝවිඩ් රෝගියෙකු වාර්ථා වීමත් සමග ලගම ආශිතයින් තිදෙනෙකුට සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් තිදෙනාටම කෝවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පසුගිය 28 වන දින සිදු කරන ලද PCR පරීක්ෂණයේ පතිළුල 02 අද සවස 03 පමණ ලැබී ඇති අතර එකී වාර්ථාව ලැබෙන මොහොත වනවිටත් සෞඛ්‍ය අංශයට අනුයුක්ත එලෙස PCR පරීක්ෂණ සිදු කළ සේවිකාවක් කැස්බෑව නගර සභාවේ පරිපාලන විසින් සේවයේ යොදවා තිබී ඇති අතර එයින් තවත් ආශ්‍රිතයින් ගණනාවකට කෝවිඩ් ආසාදනය වීමේ අවධානමක් මතුව ඇති බව වාර්ථා වේ.

මේ වනවිට කැස්බෑව නගර සභාවේ ගිණුම් අංශය වසා දමා ඇති අතර එහි සියළු සේවකයින් ස්ව්‍යං නිරෝධායනයට ලක් කර ඇත.‍

උක්ත සේවකයින් තිදෙනා PCR පරීක්ෂණ සිදු කර තිබියදී ඔවුන් නිවේස්වල නොතබා සේවට කැඳවීමට නගර සභා පරිපාලනය කටයුතු කිරීම බරපතල තත්වයක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn