ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මවුබිමට රැගෙන යාම සඳහා යැයි කියමින් කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් රැස් කිරීමේ ජාවාරමක නිරතවන බවට තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙලෙස මුදල් එකතු කරන්නේ තානාපති කාර්යාලයද එය රජයේ අනුදැනුම මතද යන්න මෙම ජාවාරමට හසුවූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිරන්තරව තානාපති කාර්යාලයෙන් විමසා ඇති අතර ඒ හේතුවෙන් තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටින්නේ, ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මවුබිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරීමට කිසිම පුද්ගලෙයෙකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබාදී නොමැති බවයි. එබැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබාදීමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.
මේ අතර ලෙබනනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්සවීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබියදී, ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයන් විසින් මගීන්ට ගුවන් ටිකට්පත් අලෙවිකරණ බවටද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
බීරූට් ගුවන් තොටුපළ මගීන්ට සීමා කර ඇති අතර, ගුවන් ටිකට් නිකුත් නොකරන බවද කාර්යාංශය සඳහන් කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වන අතර ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා අවසරය අවශ්‍ය බව කාර්යාංශය පෙන්වා දෙයි.










