කොරෝනා මරණ භූමදානයට ඉරණතිව් දූපත වෙන්කරයි

කොරෝනා මරණ භූමදානයට ඉරණතිව් දූපත වෙන්කරයි

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන් භූමදානය කිරීමට ඉරණතිව් දූපත යොදාගැනිමට තිරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ ඇමතිවරයා උතුරු පළාතේ පිහිටි ඉරණතිව් දූපත මෙම කටයුත්ත සඳහා යොදා ගැනිමට තීරණය කළේ එහි ජනතාව පදිංචිවී සිටින්නේ අවම ප්‍රමාණයක් නිසා බවයි.

එමෙන්ම මෙම භූමාදාන කටයුතු රජයේ වියදමින් සිදුකරන බවද ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn