කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්නා තෙක් එම සිරුර ශීතාගාරවල තැන්පත් කර තැබීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයාගන්නා තෙක් කොවිඩ් මෘතදේහ භූමදානය ප්‍රමාදවනු ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක් පැවැසීය.
එලෙස ස්ථානයක් සොයාගන්නා තෙක් කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රෙල්ඛය නිකුත් කරීමද ප්‍රමාද වනු ඇත.
මේ අතර කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ ප්‍රමාදවීමෙන් දැනටමත් ගැටලු රැසක් මතුවී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ, කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාාර්ගෝපදේශ ඇතුළත් චක්‍රෙල්ඛය නිකුත් කළ හැක්කේ භූමදානය සඳහා සුදුසු ස්ථාන සොයා ගැනීමෙන් පසුව එම ස්ථාන පිළිබඳව කොවිඩ් මර්දන බළකායට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමේ අනතුරුව බවයි.
විද්වත් කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු තමා සමග එකතු වී කොවිඩ් සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් කළ බවද ඔහු ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අංශ අනුමත කරන භූමියක නිසි බලධාරියාගේ අධීක්ෂණයට යටත්ව කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේශ ආදාහනයට හෝ භූමදානයට අවසර ලබාදෙන රජයෙ ගැසට් නිවේදනය ඉකුත් 25 වැනිදා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබීය.










