ආයතනයේ වැඩ ගැන කලකිරි රාජ්‍ය ආයතනයක ලොක්කෙක් වෙන රස්සාවක් සොයයි

ආයතනයේ වැඩ ගැන කලකිරි රාජ්‍ය ආයතනයක ලොක්කෙක් වෙන රස්සාවක් සොයයි

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු පෞද්ගලික අංශයේ රැකියාවක් සොයමින් සිටින බව දැනගන්නට ලැබේ.

ඔහුගේ ප්‍රධානියාගේ ක්‍රියාකිරකම්වලට තමන්ට වගවිය නොහැකි බව පවසමින් ඔහු මෙසේ පෞද්ලික අංශයේ රැකියාවකට යොමුවීමට සූදානම් වන බව වාර්තා වේ.

සිය ප්‍රධානියාගේ ඇතැමි ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට සිදුවන පාඩුව රැපියල් මිලියන දෙකක් (රැපියල් ලක්ෂ විස්සක්) වනු ඇති බවත්, තමන්ට එය අනුමත කළ නොහැකි බවත් එම නිලධාරියා සිය විශ්වාසවන්ත සගයෙකුට පවසා ඇත.

මෙසේ පෞද්ගලික අංශයේ රැකියාවකට යොමුවීමට සූදාන්ම වන ප්‍රධානියා දැඩි විනයගරුක නිලධාරියෙකු බවද පැවසේ. මෑත කාලයේ මේ අයුරින් රාජ්‍ය ආයතනයකින් ඉවත්වන දෙවැනි ප්‍රධානියා වන්නේ මෙම නිලධාරියාය. මීට පෙර ඉවත් වු නිලධාරියාද සිය දේශපාලන ප්‍රධානියා සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබිණි.

සන්ඩේ ටයිම්ස්

Facebook
Twitter
LinkedIn