ඇමති මහින්දානන්ද කියන්නේ බොරු… ලේකම් අස් වී නැහැ…

ඇමති මහින්දානන්ද කියන්නේ බොරු… ලේකම් අස් වී නැහැ…

තම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඉල්ලා අස් වූ බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කරන ප්‍රකාශය සත්‍ය නොවන බව වාර්තා වේ.

මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පවසන්නේ තමන් එසේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් නොවූ බවයි. තමන් ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වන්නේ නම් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මීට පෙර මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම ලේකම්වරයා තමන්ට වුවමනා පරිදි වේගවත්ව වැඩ නොකරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසූ බවයි.

Facebook
Twitter
LinkedIn