කොරෝනා මැඩීමට එන්නත මත්තේම නොසිට නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් – ACMOA

කොරෝනා මැඩීමට එන්නත මත්තේම නොසිට නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් – ACMOA

කොවිඩ් වැක්සීනය මත පමණක් යැපීමට බලා නොසිට සැලසුම් සහගත ලොක්ඩවුන් කිරීම ඇතුළු සෞඛ්‍ය ක්‍රමවේදවලට එකවර යා යුතු වැඩපිළිවෙළක් අරඹන්නැයි සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතෙහි සාර්ථකත්වය 65%ක් පමණක් බවත් යම් හෝ සාර්ථකත්වයකට ඒමට නම් ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 140කට මාත්‍රා දෙකක් වන ආකාරයට වැක්සීන් මිලියන 28ක් වත් ලබාදිය යුතු බවත්ය.

නමුත් දැනට ලැබී ඇත්තේ පළමු මාත්‍රාවට අදාළව වැක්සීන ලක්ෂ 5ක් පමණක් බැවින් එය ජනගහනයෙන් 1.5%ක් පමණක් ආවරණය වන බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ඊළඟ වැක්සීන තොගය කොපමණ මිලකට යටත්ද, ගෙන්වන්නේ කවදාද යන්න ගැන නිශ්චිතව දිනයක් නොමැති බව පවසන ඒ මහතා ප්‍රකාශ කළේ මාර්තු මස වනවිට කොවිඩ් එන්නත් කිරීම බලාපොරොත්තු වන ප්‍රමාණයෙන් අඩකට හෝ ලබාදිය නොහැකි බව යථාර්ථය බවයි.

එමනිසා ආණ්ඩුව කළ යුත්තේ වැක්සීනයට අමතරව සැලසුම් ගත ලොක්ඩවුන් කිරීම හා සෞඛ්‍ය ක්‍රමවේද සියල්ල එකවර අනුගමනය කරමින් මසක් හෝ නිශ්චිත වැඩපිළවෙළකට යෑම බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn