කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා ඉල්ලා අස්වී ඇත්තේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ ඉල්ලීම මත බව වාර්තා වේ. හිටපු හමුදා නිලධාරියාගේ වැඩ කිරීමේ වේගය තමන්ට ප්‍රමාණවත් නොවන නිසා මෙසේ ඉල්ලා අස්වීමට ඔහුට උපදෙස් දුන් බව ඇමැතිවරයා පවසා ඇත.
ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් සෞඛ්‍ය, කෘෂිකර්ම ඇතුළු අමාත්‍යාංශ කීපයකටම හිටපු හමුදා නිලධාරීන් ලේකම්වරුන් ලෙස පත්කරන ලදි. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් ලේකම්වරුන්ට වඩා වැඩි වේගයකින් අමාත්‍යාංශ මෙහෙයවීමට බව එකල සඳහන් විය. අමාත්‍ය මහින්දානන්ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඒ වේගයද ප්‍රමාණවත් නොවන බවයි.
Views: 0










