පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කරන ඇමති කමිටුවට සාමාජිකයන් පත් කළේ ඒ ඇමතිවරුන්ගේ ඉහළ දැනුම සලකා බලා බව අද (22) ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක් ද ඇතුළත්ව සිටි ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගිය පෙබරවාරි 01 දා ජනාධිපති ගෝටාබය රාජපක්ෂට භාර දෙන ලදී. එම වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා විසින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පත් කර ඇත. එම කමිටුවට රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල සහ රමේෂ් පතිරණ අයත් වෙති.
මෙම කමිටුව පත් කළ පසු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියන් සඳහන් කළේ අ.පො. ස. සා පෙළවත් නැති අය මේ කමිටුවට පත් කර ඇති බවයි. එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ එම අමාත්‍යවරුන්ට ඇති පළපුරුද්ද සහ ඉහළ දැනුම මත මෙම පත්කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකළ බවයි.










