ශ්රී ලංකා නාවික හමුදාව විසින් 2009 දී ආරම්භ කර 2012 වසර දක්වා ක්රමානුකූලව වර්ධනය කරගෙන ආ මුහුදු ආරක්ෂක සේවය ඇවන්ගාඩ් සමාගමට ලබා දීම නිසා 2012 වසරේ සිට 2015 වසර ආරම්භය දක්වා රජයට අහිමි කර ඇති මුදල ඩොලර් මිලියන 11,457ක් බව වර්තමාන ආණ්ඩුවේ නිල ලේඛණ වලින් අනාවරණය වේ.
මෙම මුදල 2014 වසර අවසාන වනවිට පැවති ඩොලරයට රු. 131ක් වූ විනිමය අනුපාතය අනුව ගණනය කළ විට රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහසකට අධික වේ. ශ්රී ලංකා නාවික හමුදාව ආරම්භ කර වර්ධනය කර ගෙන පැමිණි මෙ සේවාව එවකට සිටි ආරක්ෂක අමාත්යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ඇවන්ගාඩ් සමාගමට ලබා දෙනු ලැබීය. මේ නිසා අතිවිශාල විදේශ විනිමය ප්රමාණයක් ශ්රී ලංකා රජයට අහිමි වී ඇත.
Views: 1









