රජයට අයත් ප්‍රමුඛතම වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුවේ පවත්වාගෙන යන ඩොලර් සංචිතවලින් විශාල ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලංකා බැංකුවේ ඩොලර් සංචිතවලින් 40%ක් සහ මහජන බැංකුවේ ඩොලර් සංචිතවලින් 15%ක් මහා භාණ්ඩාගාරය ඉල්ලා ඇත. නුදුරු දිනකදී එම ඩොලර් මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමට නියමිත බව වැඩිදුරටත් හෙළිවේ.
මීට අමතරව සියලුම වාණිජ බැංකුවල පවත්වාගෙන යන ඩොලර් ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලැබෙන විදේශ විනිමය මහා භාණ්ඩාගාරයට හරවා එවන ලෙස ඉල්ලා ඇති බවත් එම ගිණුම් හිමියන්ට සාමාන්‍ය පොළී අනුපාතයට වඩා 3%ක් ලබා දීමට සැළසුම් කර ඇති බවත් මූල්‍ය ක්ෂේත්රයේ තොරතුරුවලින් අනාවරණය වේ.
මේ වනවිට ආණ්ඩුව විසින් දේශීය වාණිජ බැංකුවල විදේශ විනිමය වැය කිරීම් දැඩි පාලනයකට ලක් කර තිබේ. ඒ අතර විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය වාරික ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය විශාල වශයෙන් පහත වැටී තිබේ. මේ නිසා ආණ්ඩුව හමුවේ අතිශය බරපතළ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක වාණිජ බැංකු වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට පටන් ගෙන ඇත.










