ජනජීවිතය යථා තත්වයට පත්වෙන්න අවුරුදු දෙකක්වත් යාවි

ජනජීවිතය යථා තත්වයට පත්වෙන්න අවුරුදු දෙකක්වත් යාවි

සමස්ත ලෝක වාසින් කොරෝනා මර්ධන එන්නතකින් ආරක්ෂාවන තුරු ජනජිවිතය යථා තත්වයට පත් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ විද්වතුන් පවසයි.

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි සහකාර මහාචාර්යරියක වන ක්ලේරා වෙන්හැම් ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් වැඩිදුරටත් පවසන්නේ ලොව සෑම පුද්ගලයෙකුටම එන්නත ලබාදී අවසන් වීමට 2024 වසර දක්වා කල්ගතවනු ඇති බවයි.

“එන්නත් ලබා දී අවසන් වුනත් මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ නැහැ. වෛරසයේ නව ප්‍රභේද ඇතිවීමේ සම්භාවිතාවක් පවතින නිසා යම් කාලසිමවක් අපිට සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන්න වෙනවා.” සහකාර මහාචාර්ය ක්ලේරා වෙන්හැම් වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn