සිරිමා ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ කළ ‘ටූල්’ එකම JR ගෙන් GR අතට ගනියි

සිරිමා ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ කළ ‘ටූල්’ එකම JR ගෙන් GR අතට ගනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඇයගෙන් දේශපාලන පළිගැනීම් සිදු කිරීමට එවකට එජාප නායක, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන භාවිතා කළ නීතියම වර්තමාන ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ක්‍රියාවේ යොදවා ඇත. දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මත පදනම්ව “විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්” පත්කිරීමට ජනාධිපති ගෝටාබය රාජපක්ෂය මේ වන විට ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකු නම් කර ඇත. ජනාධිපතිවරයා එම ජනාධිපති කොමිසමට උපදෙස් දී ඇත්තේ මාස තුනක් තුළ වාර්තාව ලබා දෙන ලෙසය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උද්ඝෝෂණය කළ අතර තවමත් එය එජාපය විසින් සිදුකළ දේශපාලන පළිගැනීමක් ලෙස තවමත් සඳහන් කරයි. ජේ. ආර් ජයවර්ධන මේ පළිගැනීම් සිදු කළේ 1978 අංක 4 හා 7 දරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා ජාතික රාජ්‍ය සභා පනත්වලිනි. ඉතිහාසය සරදමකට මෙන් එදා JR ජයවර්ධන පාවිච්චි කළ නීතියම දේශපාලන දඩයම සඳහා වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාවිච්චි කරමින් සිටී.

Facebook
Twitter
LinkedIn