කොරෝනා ; මිනුවන්ගොඩ රාජ්‍ය බැංකුවකුත් වහයි

කොරෝනා ; මිනුවන්ගොඩ රාජ්‍ය බැංකුවකුත් වහයි

කොවිඩි – 19 ආසාදිතයෙකු හදුනා ගැනීම හේතුවෙන් මිනුවන්ගොඩ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට අද (31) කටයුතු කර තිබේ.

එම බැංකුවේ සේවය කරන කම්කරු සේවිකාවක් ආසාදිතයෙකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම බැංකුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවත් එහි සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට යොමු කළ බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය සඳහන් කරයි.

නිරෝධායනයට යොමු කළ එම සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් දැනුවත් කර PCR පරික්ෂණ සිදු කරනු ලබන බවත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පවසයි.

Facebook
Twitter
LinkedIn