සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද (31) පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමෙන් තිබියදී ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි ගොස් කාල්ටන් ක්‍රීඩා සමාජයේ අනුග්‍රහයෙන් පවත් වන රග්බි ප්‍රවර්ධනය වැඩ සටහනක් පවත්වා තිබේ.
නාමල් රාජපක්ෂ මහතාගේ සහායට ගායකයෙකු වන ඉරාජ් වීරරත්නද සහභාගී කරවාගෙන ඇත. ඉරාජ් විසින් එහිදී ගීතයක් ගායනා කර තිබේ. “Sweety Manika ( උම්මා උම්මා )” ආදී පාසැලකට නොගැලපෙන වචන සහිත එම ගීතය ගායනා කරද්දී නාමල් රාජපක්ෂ වේදිකාව මතටවී නැටීමට පටන්ගෙන තිබේ. නැටීමට වේදිකාවට එන්නැයි සිසුවියන්ට ඉරාජ් වීරරත්න පවසා ඇත. එවිට සිසුවියන් සහ ගුරුවරියන් ඊට දැඩි විරෝධයක් දක්වා තිබේ.
ඇතැම් සිසුවියන් සහ ගුරුවරියන් ඇඬූ කඳුලින් යුතුව පුධාන ශාලාවෙන් නික්මගොස් ඇත. ඒ අතර එක් සිසුවියක් නැගීසිට දැඩි විරෝධයක් එල්ලකිරීමෙන් පසු සියලුදෙනා එයට සහයෝගය පළ කර තිබේ.
මෙය බාලිකා පාසැලක් බවත් පාසැල් කාලයේ පැමිණ සිසුවියන් නැටවීමට යෑම අශික්ෂිත ක්‍රියාවක් බවත් පැවසූ සිසුවියන්ගේ විරෝධය මධ්‍යයේ නාමල් රාජපක්ෂටත් ඉරාජ් වීරරත්නටක් පැනයාමට සිදුවී ඇත.









