කොළඹ කිංස්බරි හෝටලයේ පසුගියදා පැවති ඉහළ පෙළේ උපන්දින සාදයකට සහභාගි වූ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මැලිබන් සමූහ ව්‍යාපාරයේ අධිපති රත්නපාල සමරවීර මහතාගේ 80 වන උපන් දිනය එහි ඉමහත් උත්සව ශ්‍රීයෙන් සමරා තිබුණි. එම උපන්දින සාදය සඳහා මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට අමතරව හමුදාපති, කොවිඩ් කාර්යසාධන ජනාධිපති බලකායේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන අයද සහභාගි වී ඇත.
එම සාදයේ වීඩියෝ සහ ඡායාරූප මේ වනවිට මාධ්‍යට නිකුත්වී ඇති අතර එවැනි ඉහළ පෙළේ උත්සවයක් මෙවැනි දැඩි වසංගත තත්ත්වයක් තුළ පැවැත්වීම පිළිබඳව බොහෝ දෙනා මවිතය පළ කරති.
2
















