මහින්ද රාජපක්ෂ පාලනය අභ්‍යන්තර අර්බුද ගණනාවක් මේ වන විට පුපුරා යමින් තිබෙන අතර එය වසන් කර ගැනීමත් ඉදිරි මැතිවරණවලදී ජනතාවගේ අවධානය වෙනතක යොමු කිරීමේත් අරමුණෙන් මඩ ප්‍රචාර ගණනාවක් ආණ්ඩුව විසින් සැළසුම් කරමින් තිබේනබවත් ඒ සඳහා නාම්පමුණුවේදී සිදු වූ ද්විත්ව ඝාතනයක ප්‍රධාන චූදිතයා වන චන්දන කත්‍රිආරච්චි මහතා මීට ටික කලකට ඉහතදී ආරම්භ කරන ලද ප්‍රදර්ශනයක් නැවත ආරම්භ කිරීමට සූදානම් කෙරෙමින් බව බව පසුගියදා අපි අනාවරණය කර සිටියෙමු.
මේ වනවිට වාර්තා වන්නේ එම මඩ ප්‍රදර්ශනය නැවත සිදුකිරීම සඳහා චන්දන කත්‍රිආරච්චි මහතාට නියෝකර කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි. මේ බව සනාත වන්නේ චන්දන කත්‍රිආරච්චි මහතා විසින් තම හිතවතුන් කිහිපදෙනෙකු සමග සිදුකර ඇති “ලොක්කාගෙන් බේරෙන්න බෑ… ප්‍රදර්ශනය නැවත කරනවා“යන ප්රකාශයෙනි.
ජනප්‍රිය නිවේදක සහ ප්‍රවීණ ගීත රචක ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ නමින් බෞද්ධලෝක මාවතේ සිට ගුවන්විදුලි පරිශ්‍රය දක්වා මාවතක් නම් කිරීම ඇතුලු ප්‍රේමකීර්ති සැමරුම් වැඩසටහනකට සමගාමීව මෙම මඩ ප්‍රදර්ශනයද සූදානම් කරමින් සිටී.









