මේ අයට එන්නත දෙන්නේම නෑ

මේ අයට එන්නත දෙන්නේම නෑ

වයස අවුරුදු 20 ට අඩු අයට, ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් 19 එන්නත් ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍යය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සුෂී පෙරේරා මහත්මිය මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළාය. කොරෝනා වෛරසය සඳහා නිපදවූ එන්නත් හදිසි සහ කෙටිකාලීන ක්‍රමවේද ඔස්සේ භාවිතයට ගෙන ඇති නිසා ඉහත කී කාණ්ඩ සඳහා පුළුල් පරීක්ෂණ සිදුනොකිරීම ඊට හේතුවයි.

මෙසේ එන්නත් ලබා නොදෙන කාණ්ඩය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 35% කි.

Facebook
Twitter
LinkedIn