පැතිරෙමින් පවත්නා කොවිඩ් වසංගතය හමුවේ එන්නත කෝකටත් තෛලය නොවන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් කියා සිටී. ඔහු මේ බව කියා සිටියේ ඊයේ(27) ජාතික විද්‍යා පදනම කොළඹදී සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී ය.
ජනතාවට එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුවද සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එන්නත නිසා ජනතාව සිය අවධානය අඩු කළහොත් එය විශාල ඛේදවාචකයකට හේතුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
Views: 0










