ලකුණුවලට, විකට්වලට, උඩපන්දුවලට සල්ලි දෙන ක්‍රමයක් නාමල් හදයි

ලකුණුවලට, විකට්වලට, උඩපන්දුවලට සල්ලි දෙන ක්‍රමයක් නාමල් හදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තමන් දක්වන දක්ෂතා අනුව ගෙවීම් කරන ක්‍රමයක් සකස්කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි.
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, ජාතික පුහුණුකරු සහ ඇමතිවරයා සහභාගිවු සාකච්ඡාවකදි මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ඉදිරියේදි දක්ෂතාවය, විනය, ශරීර සුවතාවය වැනි කරුණු සලකා බලා ක්‍රීඩක කොන්ත්‍රාත් සකස් කරන බව ඇමතිවරයා පවසයි.
මේ අතර ජාතික තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කල අසන්ත ද මැල් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

Facebook
Twitter
LinkedIn