චමත් පලිහපිටිය කැලිෆෝනියා ආන්ඩුකාරධුරයට තරඟ කරයි

චමත් පලිහපිටිය කැලිෆෝනියා ආන්ඩුකාරධුරයට තරඟ කරයි

ශ්‍රී ලංකාවේ උපන් චමත් පලිහපිටිය ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආන්ඩුකාරධුරයට තරඟවදින්නට සුදානම් වන බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. වර්තමාන ආන්ඩුකාර ගැවින් නිව්සම් ගේ පාලන සමය තුල කැලිෆෝනියා ප්‍රාන්තය අපායක් වී ඇතැයිද අධ්‍යාපන මට්ටම පහල ගොස් ජීවන වියදම ඉහල ගොස් ගුරුවරුන්ට සෝච්චමක් ගෙවිම් කරන බවද චමත් පලිහපිටිය විසින් ආරම්භ කල නවතම ප්‍රවර්ධන වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

බිලියනපති ආයෝජකයෙකු වන 39 හැවිරිදි චමත් පලිහපිටිය සිය දෙමව්පියන් සමඟ ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වී කුඩා කල බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජිවිතය ජය ගෙන අද මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ට්‍රස්ට් ඇතුලු ආයතන කිහිපයක අයිතිකරු සහ ප්‍රධාන විධායක ලෙස කටයුතු කරයි.

Facebook
Twitter
LinkedIn