පාස්කු 21 මරාගෙන මැරෙන ත්රස්ත ප්රහාරය පිටුපස අදිසි හස්තයක් තිබෙන බව පේනෙන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඊයේ (26) කොළඹ ජාතික රෝහලේ සිට සිකයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමේ සාක්ෂි ලබා දෙමින් ප්රකාශ කර තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ,
“ප්රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්රස්ත ප්රහාරයකදී ත්රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මිය ගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්රහාරය සඳහා මෙහෙයවීමක්. අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයෑම. මොකද අපේ විමර්ශනවලදී මේ ත්රස්ත කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගත්තේ සහරාන්ව. එ්ක නිසා වෙනත් අදෘශ්යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශ්වයක් සහරාන්වත් මෙහෙව්වාද? කියන එක මටත් ප්රශ්නයක්” යනුවෙනි.
අද (27) කොමිසම රැස්වීමෙන් පසු එහි කටයුතු නිල වශයෙන් අවසන් වීමටද නියමිතය.










