කොළඹ රාජකීය විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය සඳහා ගුරුවරයෙකු ලෙස පත්වීම් ලබා පැමිණි තමන්වහන්සේට වැඩ භාර දීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලු සහගත තත්වයක් උද්ගතව ඇතැයි සඳහන් කරමින් භික්ෂූන්වහන්සේ නමක් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට හා කොල්ලුපිටිය පොලිසියට පැමිණිළි කර ඇතැයි වාර්තා වේ.
ඒ හිමියෝ සිය පැමිනිල්ලේ සඳහන් කර ඇත්තේ භික්ෂූන් වහන්සේ නමකට දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති යැයි පවසමින් එක් අවස්ථාවකදී රාජකාරී භාරදීම ප්‍රතික්ෂේප කළ බවත් තවත් අවස්ථාවකදී පාසලේ ස්වාමීන්වහන්සේලා අතිරික්තවක් ඇති බව පවසමින් පත්වීම් නොදුන් බවත්ය.
ඒ හිමියෝ සඳහන් කරන්නේ අවස්ථා 05කදී විදුහලේ පාලනය අධිකාරිය තමන්ට රාජකාරි භාර දීම ප්‍රතික්ෂේප කළ බවය.
Views: 0










