වත්මන් ආණ්ඩුව දරුවෙකුගේ අනාගතය ගැන තිබෙන එකම බලාපොරොත්තුවත් විනාශ කරමින් යන බවත් නිදහස් අධ්‍යාපන ක්‍රමය දුර්වල කිරීම අහිංසක දෙයක් නොවන බවත් ජතික ජන බලවේගය සඳහන් කරයි.
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අරුණ කරුණාතිලක සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අද (27) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් බත්තරමුල්ල පැලවත්ත හිදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අවධාරණය කළේය.
එහිදී අදහස් දැකුවූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය…
“අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මූලික ගැටලු ගණනාවක් පැනනැගී තිබෙන අතරම 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා. මූලිකවම මේ වනවිට උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලයට බඳවා නොගෙන වසර එකහමාරක් පමණ ගතවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සාධාරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නැහැ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැනි ආයතන සමග සාකච්ඡා කිරීම් වගේම පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කිරීම් පවා සිදුකළා. නමුත් කිසිදු පිළිතුරක් ලබාදී නැහැ. ඒ නිසා ශිෂ්‍යයෝ උද්ඝෝෂණ සහ විරෝධතා ක්‍රියාමාර්ගවලට පෙළඹී තිබෙනවා. නමුත් ආණ්ඩුව එම අසාධාරණය පිළිගනිමින් විසඳුම් ලබානොදී කල්මරනවා.
පවතින ගැටලුව පිළිබඳ අධ්‍යයනය කරන්න නිසි ක්‍රියාමාර්ග ගෙන නැහැ. ඒ වගේම බඳවාගැනීමට නියමිත ලකුණු සීමාවන් පවා මේ වනවිට ලබාදී නැහැ. ඊට හේතුව ආසන්න අවුරුදු ගණනාවක තොරතුරු ලබාදිය යුතුයි. නමුත් මේ තොරතුරු ලබානොදෙන්නේ මීට වගකිවයුතු සියලු දෙනාගේ නිරුවත හෙළිවන නිසයි. ශිෂ්‍යයන්, දෙමාපියන් සහ අනෙකුත් පාර්ශ්වවලින් එල්ල කෙරුණු විරෝධය හමුවේ ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් එළියට දුන්නා. වෛද්‍ය පීඨ සහ ඉංජිනේරු පීඨවලට බඳවාගැනීම් සම්බන්ධයෙන් ඉතා අවම තොරතුරු ප්‍රමාණයක් ලබාදුන්නා. ඒ තුළින් පවා හෙළිවී තිබෙන්නේ මේ ගැටලුවේ තිබෙන බරපතළ කමයි. උදාහරණයක් හැටියට කළුතර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය පීඨය සඳහා උසස් පෙළ සමත් ශිෂ්‍යයින්ගෙන් 14%ක් බඳවා ගන්න තීරණය කර තිබුණා. හැබැයි 2013දී 15%ක් 2014 දී 18%ක් 2016 දී 17%ක් වශයෙන් ඉහළ බඳවා ගැනීමක් තිබුණා. නමුත් 2018දී 28%ක් බඳවාගෙන තිබෙනවා. එළියට දාපු ඉතාමත් කුඩා තොරතුරු ප්‍රමාණයේදී පවා මේ තරම් බරපතළ ගැටලු මතුවී තිබෙනවා.
මීට අමතරව සෑම විෂය ධාරාවකම අවම තොරතුරු ලබාදීමටවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කළේ නෑ. ඒ නිසා තාක්ෂණ විෂය වැනි විෂයන් සම්බන්ධයෙන් බරපතළ තත්වයක් මතුවී තිබෙනවා. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ශිෂ්‍යයන්ගේ ජීවිත අඳුරේ වැටෙන්න ඉඩ ඇරලා. අපි මේ ආණ්ඩුවේ නිහඬ පිළිවෙත හෙළා දකිනවා. මෙවර බඳවා ගැනීමේ තොරතුරු වහාම රට හමුවේ තබන්න කියලා අවධාරණය කරනවා. ඒ වගේම අසාධාරණයට පත්වී සිටින ශිෂ්‍යයන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස බලකරනවා.
විශ්විවිද්‍යාල, උසස් අධ්‍යාපන ඩිප්ලෝමා ආයතන, භෘඔෑ වැනි ආයතන, විශ්වවිද්‍යාල විද්‍යායතන වගේ රජයේ ආයතන ගණනාවක් තිබෙනවා. මේ සියලු ආයතන වසරකට ආසන්න කාලයක් වහල දාලා තියෙන්නේ. අතරමැදදි සුළු කාලයකට විවෘතකර තිබුණා. මේ ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකරන්නේ ඒ ආයතනවලට වගකීම භාරදීමෙන්. ඒ ආයතන කැමති නම් විවෘත කරන්න කියනවා. කොවිඩ් වසංගතය හමුවේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න ඒ ආයතනවල ප්‍රධානීන්ට විතරක් හැකියාවක් නෑ. ඒ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි. විශ්වවිද්‍යාල කියන්නේ අධ්‍යාපනය සඳහා සූදානම් කිරීම පමණක් නොවෙයි. ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මූලිකත්වය දෙන්න ඕනෑ. මෙවැනි වසංගතයක් නොමැති කාලවලදි පවා ශිෂ්‍යයන් ආචාර්යවරුන් වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව සහ අනෙකුත් මූලික පහසුකම් සම්බන්ධයෙන් නොතකා හැරීමක් තිබුණේ. පවතින වසංගත තත්වය හමුවේ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් විය යුතුයි. විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනුර කරුණාතිලක
“ශිෂ්‍යයන්ගේ ජීවිතවලට බරපතළ විදිහට බලපාන කරුණු ගණනාවක් සමස්ත අධ්‍යාපන පද්ධතියේම තිබෙනවා. වෙනදා ගතකළ සුපුරුදු අධ්‍යාපන රටාව දැන් අනුගමනය කරන්න බැහැ. කොවිඩ් වසංගතය හමුවේ ශිෂ්‍යයන්ගේ සෞඛ්‍යාරක්ෂාව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්යමණ්ඩල වගේම පාසල් ගුරු මණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව ඇතුව කටයුතු පවත්වාගෙන යා යුතුයි. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තම සමහර විශ්වවිද්‍යාල බලධාරීන් ශිෂ්‍යයන්ට බලපාන පොදු සෞඛ්යාරක්ෂක කටයුතු ගැන කිසිම අවධානයක් යොමුකර නැහැ. සමහර විශ්වවිද්‍යාල යම් ප්‍රමාණයක පියවර ගෙන තිබෙනවා. නමුත් මෙයින් කියැවෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් කිසිම සංයුක්ත වැඩපිළිවෙළක් නැති බවයි. සංයුක්ත වැඩපිළිවෙළක් නැතිව ක්‍රියාකිරීම නිසා ශිෂ්‍යයන් ඇතුළු සියලු පාර්ශ්වවල ජීවිත සම්බන්ධයෙන් අවධානමක් තිබෙන්නේ. ලියකියවිලිවලට පමණක් සීමා නොවන ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සහිත අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව ආරම්භ කළ යුතුයි.
අධ්‍යාපනය සඳහා විශාල කාලයක් වැයවීම ගැන පොදු විවේචනයක් තිබෙනවා. අවුරුදු 13ක පාසල් අධ්‍යාපනයක් සහ ඉන්පස්සේ අවුරුදු 04ක හෝ 05ක උපරිම කාලයක විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබනවා. මේ නිසා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වගේ වෘතිකයන් විශ්වවිද්‍යාලවලින් එළියට එන්නේ අවුරුදු 30කට ආසන්නයේදී. ආණ්ඩුව දැන් කතා කරනවා වසර 12කට පාසල් අධ්‍යාපනය සීමා කරන්න. ලෝකයේ අනෙකුත් රටවල පාසල් අධ්‍යාපනය ගැන බැලුවාම ඒ රටවල තත්වය වැරදි විදිහට අර්ථ නිරූපණය කර අපේ රටට ගන්නා බව පේනවා. ලෝකයේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් පිළිගත් සම්ප්රදාය “ණ12” කියන එක. ණසබට එයැ ට්රාැබ වශයෙන් හැඳින්වෙන පෙර පාසල් අධ්‍යාපනය සහ ඉන්පස්සේ වසර 12ක පාසල් අධ්‍යාපනය ගැන කියැවෙන්නේ. එක්සත් රාජධානිය, ඇමෙරිකාව, සිංගප්පූරුව, මැලේසියාව සහ පින්ලන්තය වගේ රටවල් මෙම අධ්‍යාපන සංකල්පය ක්‍රියාත්මක කරනවා. අවුරුදු 05ක දරුවන්ගෙන් අධ්‍යාපනය පටන්ගෙන අවුරුදු 13ක අධ්‍යාපනය නිමකරන කොට අවුරුදු 19ක දරුවෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. නමුත් අපේ රටේ විශ්වවිද්‍යාලයට දරුවෙක් ඇතුළත් වෙනකොට අඩුම වශයෙන් අවුරුදු 20 මාස 06ක් වෙනවා.
මේකට හේතුව අවුරුදු 13 පාසල් අධ්‍යාපනය නොවෙයි. විභාග ක්‍රම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ ඊළඟ පියවරට යාම සඳහා අනවශ්‍ය කාලයක් ගතවීමෙන් මේ තත්වය ඇතිවෙලා තිබෙනවා. මේ නිසා දරුවන්ගේ ජීවිතයෙන් අනවශ්‍ය කාලයක් ගතවෙනවා. මාස 08ක් අවම වශයෙන් අධ්‍යාපනයෙන් තොරව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම දක්වා කාලයක් ගතකරන්න සිදුවෙනවා. අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රමාදය තිබෙන්නේ වසර 13ක් ක්‍රියාත්මක කරන නිසා නොවෙයි. පාසල් අධ්‍යාපනයේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්න ප්රමාදවීමත් උසස් පෙළ විභාගයෙන් සමත්වී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න ප්රමාදවීමත් නිසා වැඩි කාලයක් වැය වෙනවා. අනෙක් රටවල්වල අවුරුදු 25කට අඩු කාලයකදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කරලා එළියට යනකොට අපේ රටේ අවුරුදු 30කට ආසන්න වෙනවා. පාසල් අධ්‍යාපනය කප්පාදු කරලා දරුවා අයින් කරනවා වෙනුවට අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අනවශ්‍ය ප්‍රමාදයක් වළක්වන්න පියවර ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත්, භෞතික සම්පත් යොදා ගන්නවා වගේම අවශ්‍ය තැන්වල ක්‍රියාමාර්ග වෙනස් කර අදාළ සැලසුම් සකස් කළ යුතුයි. මෙසේ නොකර කිහිපදෙනෙකුගේ හිතුමතයට අධ්‍යාපනය වෙනස් නොකළ යුතුයි කියන මතය ජාතික ජන බලවේගය හැටියට අපි අවධාරණය කරනවා.
නිවැරදි ක්‍රමයක් අනුගමනය නොකළොත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම බරපතළ විදිහට හෑල්ලුවට ලක්වීමේ අවදානමක් තිබෙනවා. අවසානයේදී ඒ වන්දිය ගෙවන්න වෙන්නෙත් අපේ රටේ දරුවන්ටයි. තමන්ගේ හිතලු විදිහට වැඩ නොකර සංයුක්ත සැලැස්මක් සහිතව කටයුතු කළ යුතු බව අවධාරණය කරනවා. එසේ නොකර දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙස අනතුරු අඟවනවා.”
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
“අධ්‍යාපනය කියන්නේ අපේ ජීවිතයේ, අපේ සමාජයේ ඉතාමත්ම වැදගත්ම කොටසක්. ඒක මේ තරම් අවුල්වීමට ඉඩ හැරීම ගැන රජයට ප්‍රධාන චෝදනාව එල්ල වෙනවා. මේ අර්බුද නිසා අපේ අධ්‍යාපනයට තිබුණු පිළිගැනීම බාල්දුවෙමින් යනවා. නිදහස් අධ්‍යාපනයේ ප්රමිතීන් සහ පිළිගැනීම පිළිබඳව සමාජය තුළ ලොකු අවිශ්වාසයක් ඇතිවෙමින් තිබෙනවා. නිදහස් අධ්‍යාපන ක්‍රමය දුර්වල කිරීම අහිංසක දෙයක් නොවෙයි. මේ තුළින් පෞද්ගලික අධ්‍යාපනය සඳහා පාර කපන එකත් සිද්ධ වෙනවා. දෙමාපියන් ඇතුළු සමාජය මේ සඳහා පෞද්ගලිකව විසඳුම් සෙවිය යුතුයි කියන තැනට තල්ලු කරනවා. අධ්‍යාපනය ලබන කාලය වැඩිවීම විශ්වවිද්‍යාලවල වරදකින් සිදුවෙන බවට සමාජීය මතයක් තිබෙනවා. ශිෂ්‍යයන් නිතර අරගල කරන නිසා වැඩි කාලයක් වැයවන බව නැත්නම් ආචාර්යවරුන් වැඩි කාලයක් ගන්නා බවට මතයක් සමාජය තුළ පතුරවමින් යනවා.
මේවා කිසිම පදනමක් නැතිව ඇතිවෙන අර්බුද නොවෙයි. නිදහස් අධ්‍යාපනය පිළිබඳව තිබෙන විශ්වසනීය බව සහ මිනිසුන් අතර තිබෙන හැඟීම දුර්වල කිරීමේ දැනුවත් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. ඒ තුළින් පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ සැලසෙනවා. නිදහස් අධ්‍යාපනය කියන්නේ අපේ රටේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගත් දෙයක්. ඒ අධ්‍යාපනය බාල්දු කිරීම අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ ගැටලු මේ අවුරුද්දේ ඇතිවුණු ඒවා නොවෙයි. ඒ පිටුපස විශාල අර්බුදයක් තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ බව නිතර නිතර අවධාරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් නොපැවතීම ගැන අවුරුදු ගණනක් ප්‍රශ්න කරල තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ළඟවත් අවශ්‍ය කරන තොරතුරු නැහැ. අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ඇමතිවරයා අතවත් මේ තොරතුරු නැහැ. අපි පාර්ලිමේන්තුව තුළත් දිගින් දිගටම මීට අදාළ ප්‍රශ්න කිරීම් කර තිබෙනවා. ලිඛිතවත් තොරතුරු ඉල්ලා තිබෙනවා. තාම තොරතුරු ලැබිල නැහැ.
මේ පිටුපස අපි දකින දේට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලියි. මේක මේ අවුරුද්දේ ඇතිවුණු ප්‍රශ්නයක් නොවෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම ශිෂ්‍යයන් බඳවා ගැනීමයි. ඒක විනිවිදභාවයකින් තොරව සිද්ධවීම බරපතළ ගැටලුවක්.
කොවිඩ් වසංගතය කළමනාකරණය පිළිබඳව තිබෙන අවුල අධ්‍යාපනය තුළින් හොඳටම මතුවෙනවා. රට නවත්වන්න බෑ කියලා ආණ්ඩුව කියනවා. නමුත් කොවිඩ් තත්වය මඟහැරලා යන්න බැහැ. සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්න කියල නියෝග කළාට කරන්නේ කොහොමද? පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කරනවා. නමුත් විශ්වවිද්‍යාලවල නම් ප්‍රමාණවත් නේවාසික පහසුකම් තිබෙනවාද? සෞඛ්‍ය ආරක්ෂාව පෞද්ගලික නේවාසිකාගාරවල තිබෙනවාද? විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තිබෙනවාද? සෞඛ්යාරක්ෂිත ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවාද? බස්වල ගමන් ගන්නා මගීන් සීමා කරනවා කියලා ගාස්තුවත් වැඩි කළා. නමුත් යථාර්ථය වී තිබෙන්නේ බස්වල ගෙනයන මගීන් සංඛ්‍යාව සීමා කර නැති බවක්. ඒ නිසා මිනිසුන් ලොකු අවධානමක් අරගෙන සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යන්න සිද්ධ වෙලා. රට විවෘත කරන්න ආණ්ඩුව තීරණ ගත්තත් අවදානමට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ සමස්ත ජනතාවට. අවදානම අරගෙන කොවිඩ් ආසාදනයට ලක්වුණොත් මොකද වෙන්නේ. කොවිඩ් වැළඳෙයි කියලා සාමාන්‍ය මිනිසුන් ලොකු බයකින් ඉන්නේ. ප්‍රතිකාර ලබාගැනීම, නිරෝධායන මධ්යස්ථාවනවල තත්වයන් ගැන විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටලුවලටත් උත්තර නොදී අවදානම මිනිසුන් මතට දාලා තියෙන්නේ.
කොවිඩ් වැළඳුනොත් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන තැනට ආකල්ප හදල තියෙනවා. මේ සියලු තත්වයන්ට පසුබිම හදලා ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කරමින්, පැත්තකට වෙලා ඉන්නවා. කොවිඩ්වලින් වැළකීමේ ක්‍රියාමාර්ග මිනිසුන්ට පෞද්ගලිකව ගන්න ඉඩ හැරලා තිබෙන්නේ. ආණ්ඩුව තමන්ගේ සියලු වගකීම්වලින් ඉවත් වෙලා ඉන්න පසුබිමක කොවිඩ් ආසාදිතයෙක් වුණොත් සමාජයත් ප්‍රතික්ෂේප කරනවා නම්, ඛේදනීය තත්වයක් තියෙන්නේ.
තව පැත්තකින් අපේ අධ්‍යාපනයේ තිබෙන විශාල විෂමතාවලට යම් උත්තරයක් හැටියට පහේ ශිෂ්‍යත්වය හඳුන්වා දී තිබෙනවා. වරප්‍රසාද නොලත් දක්ෂ දරුවෙකුට වැඩිදුර අධ්‍යාපනයක් සඳහා ඉඩ සලසාදී තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන්. මේ විභාගයේ අඩුපාඩුකම් ගොඩක් තිබුණත් පවතින අසමානතාවට යම්කිසි උත්තරයක් ශිෂ්‍යත්වයෙන් ලැබී තිබෙනවා. ශිෂ්‍යත්ව හැටියට ලබාදෙන මුදලට වඩා වෙන පාසලකට යන්න තිබෙන අවස්ථාව ඉතාම වැදගත්. නමුත් මේවර කඩඉම් ලකුණු 194 තරම් විශාල ඉහළ අගයකට ගිහින් තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු සුන්වෙලා. ලකුණු 160, 170 ගන්න දරුවෝ දක්ෂ නොවෙයිද? මුළු අධ්‍යාපන ක්‍රමය පිළිබඳවම තිබෙන විශ්වාසය මේව නිසා බිඳ වැටිලා. වරප්‍රසාද අඩුම පසුබිමක ඉන්න දරුවෙකුට වුණත් දියුණු වෙන්න තිබෙන එකම පසුබිම අධ්‍යාපනය කියන මතයත් සියලුම දෙමව්පියෝ අතර තිබෙනවා. අධ්‍යාපනය මේ ආකාරයෙන් අර්බුදවලට හෙළිමෙන් ජනතාව අතර තිබෙන ඒ බලාපොරොත්තුවත් උදුරා ගැනීමක් කරන්නේ. දරුවෙකුගේ අනාගතය ගැන තිබෙන එකම බලාපොරොත්තුවත් විනාශ කරමින් යන්නේ. මේක ඉතාමත් බරපතළ ප්‍රශ්නයක්. කොවිඩ් නිසා ඇතිවුණු අර්බුදයක් නොවෙයි. අවුරුදු ගණනක් තිස්සේ අධ්‍යාපනයට නිසි සැලකීමක් නොකිරීමේ ප්‍රතිඵලයක්. අවශ්‍ය මුදල් වෙන්නොකිරීම, අදාළ ආයතන දුර්වල වෙන්න ඉඩ හැරීම තුළින් මේ අර්බුදය මතුවෙලා තිබෙනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ අධ්‍යාපනයේ තිබෙන මේ රටේ වැදගත්ම ක්ෂේත්රය මේ විදිහට විනාශ වෙන්න ඉඩ නොදෙන ලෙසයි.”
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
“අධ්‍යාපනයේ ගැටලු ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා වගේම අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත් ලිඛිතව යොමුකර තිබෙනවා. අද වෙනකම් උත්තර ලැබිල නැහැ. 2020 දී ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සංඛ්‍යාව ගැන ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඒකටවත් උත්තර ලැබුණේ නෑ. මේ විදිහට දිගින් දිගටම මගහැරීම නිසා අද වෙනකොට අධ්‍යාපනයේ බරපතළ ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා.
නැගෙනහිර ජැටිය ගැන අපේ තිබෙන්නේ එකම ස්ථාවරයයි. පෞද්ගලික ආයෝජන ගේනවා, විදේශීය ආයෝජන ගේනවා, වගේ මොනදේ කීවත් සිද්ධ වෙන්නේ අපිට තියෙන අහිමිවීමයි. ඒකට අපි විරුද්ධයි. අයිතිය 100%ක් වරාය අධිකාරියට තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි දිගටම ඉන්නවා. මේ රජය බලයට පත්වුණේ පසුගිය රජයේ ක්‍රියාමාර්ග වෙනස් කරනවා කියලා. පසුගිය රජයේ ක්‍රියාමාර්ග නිසා අපිට ඒව වෙනස් කරන්න බැහැ කියලා කියන්න කිසිම අයිතියක් නෑ. මේ රජය බලයට ආවේම පසුගිය රජයේ ක්‍රියාමාර්ග වෙනස්කරනවා කියලා. ඒ පදනමෙන් වෙනස් වෙන්න කිසිසේත්ම හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ. එක එක කාලවලට එක එක වචන ආවා. අලුත්ම එක තමයි ආයෝජනය කියන එක. නමුත් සිදුවුණේ එකම දෙයයි. අපිට තිබුණ අයිතිය නැතිවීම. වරාය සම්බන්ධයෙන් ‘අදානි’ සමාගමත් එක්ක ගනුදෙනුව සිද්ධ කරන බව කියනවා. නමුත් ඒ තොරතුරුත් තවමත් ප්‍රසිද්ධ කරලා නැහැ. ‘අදානි’ සමාගම ලංකාවට තිබෙන විශේෂ ආදරයක් නිසා ඩොලර් දෙන්නේ නැහැ. මෙතන තිබෙන පරමාර්ථය වරාය දියුණු කිරීමට මුදල් සොයා ගැනීම විතරක් නොවෙයි. මේ පිටුපස දේශපාලන කරුණු විශාල ප්‍රමාණයක් තිබෙනවා.
මෘත දේහ සම්බන්ධයෙන් සෞඛ්‍ය දත්ත මත තීරණ ගත යුතුයි. නමුත් ආණ්ඩුව දේශපාලන හේතූන්මත තීරණ ගැනීමයි ප්රශ්නය වෙලා තිබෙන්නේ. අපේ රටේ විශේෂඥයන් වගේම ජාත්‍යන්තර විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විද්‍යාත්මක නිර්දේශ දී තිබෙනවා. ඒ තීරණ නොතකා ආණ්ඩුව තීරණයක් ගන්නවා කියන්නේ දේශපාලන තීරණ ගැනීමයි. සෞඛ්‍ය ඇමතිතුමිය කියන ආකාරයට එක කමිටුවකින් අදහස් විමසීමක් විතරයි කර තිබෙන්නේ. එහෙම දෙයක් වෙන්න බැහැ. කමිටුවෙන් ආණ්ඩුවට පක්ෂපාතී තීරණයක් අවේ නැති නිසා කමිටු වාර්තාව නොතකා හරිනවා. කොවිඩ් කළමනාකරණය ගැන ආණ්ඩුව සැලකිය යුතු බරක් තියනවා නම්, භූමදාන කරනවාද, ආදාහනය කරනවාද කියන සංවාදයට මෙහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තව කොච්චර තියෙනවාද? දෙවැනි රැල්ල වේගයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ගතයුතු වැදගත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් ආණ්ඩුව කටයුතු කරනවා. ජනතාවගෙන් අහලා බැලුවොත් ඒ ගැන ඔවුන් කරුණු පැහැදිලි කරාවි.”













