ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරු දැරියන් 38 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
එමෙන්ම නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 43 දෙනෙකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව පාසල් 05කින් 17ක් බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.
ගිංතොට ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 නෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි අය බවද පෙන්වා දෙයි.
එමෙන්ම බොපේ පොද්දල සෞඛය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන් පාසල් දරු දැරියන් 17නෙකු, ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන් 05 දෙනෙකු, බලපිටියෙන් සහ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් 04 දෙනෙකු බැගින්, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 03නෙකු, හික්කඩුව, රත්ගම සහ උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවලින් 02දෙනෙකු බැගින්, අම්බලන්ගොඩ, බෙන්තොට, ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශවලින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත.
මේ අතර ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා ආසාදනය වී ඇති අතර කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා වැඩිදුරටත් සදහන් කරයි.










