“සහෝදරවරුනි අප ලබාගත් ජයග්‍රහණ මව්බිම පුරා උත්සවශ්‍රීයෙන් සැමරිය යුතු පරිසරයක් ඇතිවී තිබෙනවා” වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් හා එරට ජනාධිපති Nguyen Phu Trong එසේ පැවසුවේ ජනවාරි 25 වැනිදා පක්ෂයේ 13 වන සම්මේලනයේ පිළිගැනීමේ කතාව හා වසර පහක් සඳහා ඉලක්ක කල සම්මේලන වැඩපිළිවෙල සභාවට ඉදිරිපත් කරමිනි. 13 වන පක්ෂ සම්මේලනය ආරම්හ වන මෙම මොහොතේ කොරෝනා වසංගතයට වඩා හොඳින් මුහුණදුන් රටක් ලෙස පමණක් නොව ආර්ථිකයද සාර්ථකව අඛණ්ඩව පවත්වාගනිමින් ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයක් ලබාගැනීමට වියට්නාමය සමත් වී ඇත.
ජනතාව ඉතා දැඩි පාලනයකින් හා සෞඛ්‍යය කේෂ්ත්‍රයේ හා ආරක්ෂා හමුදා හා පක්ෂ සාමාජිකයන්ගේ දැඩි කැපකිරීම හා මැදිහත්වීමෙන් රටපුරා සිදුකල නිරෝධායනයන් හා විෂබීජහරණයන් හේතුවෙන් කොරෝනා රෝගය මැඩ පැවැත්වීමට වියට්නාමය සමත් විය. රෝගය නිසා දැනට මියගොස් ඇත්තේ 35 දෙනෙකු වන අතර 1600දෙනෙකුට පමණක් රෝගය වැළඳී ඇත. සමස්ථ පක්ෂයාන්ත්රණය විසින් රටට හා ලොවට ලබාදුන් මෙම ජයග්‍රහණය පිළිබඳව පක්ෂ ලේකම් Nguyen Phu Trong විසින් පක්ෂ සාමාජිකයින්ට හා සංවිධායකයින්ට සුබ පැතුම් හා ස්තුතිය පළ කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා ආර්ථික අවපාතයක් හා සියළු ආර්ථික බලවතුන්ගේ ආර්ථික වර්ධන වේගය සෘණ හා අඩු අගයක් ගනිද්දී වියට්නාමය තම රට නිරෝධායනයට පත්කලද අඛණ්ඩව පවත්වාගෙන ගිය සේවා, පරිගණක හා තාක්ෂණික හා සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදනය හා විකිණීම මත 2.9%ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට සමත්විණි. එහි ප්‍රථිපලයක් ලෙස එන වසර පහ තුළ 7.5% ක ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දිගටම වාර්තා කල හැකි බව ලෝක ආර්ථික විශේෂඥයින් පවා අනාවැකි පල කරයි. ලොව සුප්‍රකට apple සමාගම මෙම වසරේදී ඩොලර් මිලියන 270ක ආයෝජනයක් සහිත පරිගණක නිෂ්පාදන කම්හලක් වියට්නාමයේ විවෘත කිරීමට නියමිතය.
ලබා ගත් සමස්ථ ආර්ථික ජයග්‍රහණ මව්බිමේ සියළු ජනතාව ඔවුන් අයත් වන ජාතිකත්වය, ආගම හෝ වෙනත් තත්වයන් නොසලකා සමානව භුක්ති විඳීමට සැලැස්වීමෙන් ඉදිරි වසර පහ තුලදී පක්ෂය හා ජනතාව අතර සම්බන්ධය තවත් දැඩිකරගැනීමට හැකි වෙතැයි පක්ෂ ලේකම් Nguyen Phu Trong අපේක්ෂා කරයි.
රට පුරා විහිදී තිබෙන පක්ෂ සංවිධාන 1587ක් නියෝජනය කරමින් සාමාජිකයින් සහභාගී වන පක්ෂ සම්මේලනය පෙබරවාරි 2 වන දා දක්වා පැවැත්වේ. 2021-2030 කාලය සඳහා ආර්ථික, දේශපාලනික, ආරක්ෂක හා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උපක්රමික යෝජනා 12ක් පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒ හා සම්බන්ධ වැදගත් තීරණ රාශියක් ගැනීමට නියමිතය. දුෂණය, නාස්තිය නිලධාරිවාදය හා අනෙකුත් සියළු පිරිහීම් අවසන්කර කොමියුනිස්ට් පක්ෂය ශක්තිමත් කිරීමට ඉතා දැඩි තීරණ රාශියක් ගැනීමටද සම්මේලනය බලාපොරොත්තු වේ.
එසේම සියලුම බාහිර හා අභ්‍යන්තර සතුරන්ගෙන් සමාජවාදී රාජ්‍යය ආරක්ෂා කරගැනීම සඳහාත් රට ඉක්මන් කාර්මිකරණයකට හා නවීකරණයකට ලක් කරගැනීමටත් බලාපොරොත්තු වන බව කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ මධ්‍යම පුවත්පත 1975 අප්‍රියෙල් 30 වනදා දී ඇමරිකන් ආක්රමිකයන් පලවා හරිමින් සමාජවාදී රාජ්‍යයක් ප්‍රකාශයට පත්කළ ඓතිහාසික Saigon නුවර සිට වාර්තා කර සිටිති.










