ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි අද (26) තහවුරු වී තිබේ.
තුන ශ්‍රේණියේ පන්තියක් භාරව කටයුතු කර ඇති මෙම ගුරුවරිය පසුගිය සතියේදී පාසලේ ඉගැන්වීමේ කටයුතුවල යෙදී ඇතැයිද අනාවරණය වී ඇත.
පසුගිය සෙනසුරාදා (23) ඇයට උණ රෝගී තත්වයක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් ඇය PCR පරීක්ෂණයකට භාජනය කර තිබේ. ඇය කොවිඩ් ආසාදිත තැනැත්තියක බව තහවුරු වී ඇත්තේ ඒ අනුවය.
මෙම තත්වය පිළිබඳව සවුත්ලන්ඩ්ස් විද්‍යාලය දැනුවත්කිරීමෙන් පසු අදාළ පන්තිවල සිසුවියන්ගේ දෙමාපියන්ට ඒ පිළිබඳව දැනුම්දී ඇත. එමෙන්ම මේ වනවිට එම පාසලේ ප්‍රාථමික අංශයේ එක කොටසක් වසා දමා ඇත.
Views: 0










