ඊයේ (25) සවස 3.45 ට 4.00 ට පමණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට මැර කණ්ඩායමක් තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත‍්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ පවසති.
තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි බවත් එම මැර පිරිස වාහනවලින් පලායෑමට උත්සාහ කරද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් උන්වහන්සේ තවදුරටත් සඳහන් කර තිබේ.
පන්සලේ සිටින “ලියන මහතාට” සහ ආරක්‍ෂාවට සිටි “රාලහාමිට” මේ මැර පිරිස පහර දී ඇති බව උන්වහන්සේ සඳහන් කරති.
මොවුන් උත්සාහ කළේ මැර බලයෙන් වැඩහිටි කන්ද බලහත්කාරයෙන් මොවුන්ගේ ග‍්‍රහණයට ගැනීමට බව එම පිරිස සමග භික්ෂූන් වහන්සේලා පිරිසක්ද පැමිණි බවත් වැඩහිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥානානන්ද නාහිමියෝ තවදුරටත් සඳහන් කරති.
Views: 0










