ලංකාවේ අලුත්ම මිතුරා වීමට යන ලිච්ටෙන්ස්ටයින් රට…

ලංකාවේ අලුත්ම මිතුරා වීමට යන ලිච්ටෙන්ස්ටයින් රට…

ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යය සමඟ අලුතින් තානාපති සබඳතා ඇති කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (25) දින සම්මත ව ඇත.

එය ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව අතර පිහිටි මධ්‍යම යුරෝපීය රාජ්‍යයකි. වර්ග කිලෝමීටර් 160ක ඉතා කුඩා භූමි ප්‍රමාණයකට හිමිකම් කියන එම රාජ්‍යයේ සමස්ත ජනගහනය 38,800ක් පමණි. එය තවමත් රජෙක් යටතේ පාලනය වන අර්ධ රාජාණ්ඩු ව්‍යවස්ථාවක් සහිත රටකි.

ශ්‍රී ලාංකිකයන් කිසි දිනක අසා නැති එම රාජ්‍යය සමඟ හදිසියේ තානාපති සබඳතා ඇතිකර ගැනීමට වර්තමාන ආණ්ඩුව යුහුසුළු වීම මවිතයට කරුණක් වී ඇත.

මෙවැනිම කුඩා රාජ්‍යයක් වූ සීෂෙල්ස් සමඟ තානාපති සබඳතා ඇතිකර ගැනීමට 2013 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය. පසුගිය දා එහි තානාපතිවරයා ලෙස ශිරන්ති රාජපක්ෂගේ බාල සොයුරු ශ්‍රීමාල් වික්‍රමසිංහ පත් කර යවන ලදී. සීෂෙල්ස් රාජ්‍යයද කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් ඇති රටකි.

Facebook
Twitter
LinkedIn