තණමල්විල ලංගම ඩිපෝවටත් කොරෝනා – බස් රථ ධාවනයත් නවතියි

තණමල්විල ලංගම ඩිපෝවටත් කොරෝනා – බස් රථ ධාවනයත් නවතියි

තණමල්විල ඩිපෝවේ සේවයකයන් 06 දෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයන් බව තහවුරුවීම හේතුවෙන්, සෙසු සේවකයන්ද සේවයට වාර්තා නොකිරීමෙන් ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණිහිටි බව ඩිපෝ කළමනාකාර යු.ඒ නන්දතිලක සඳහන් කරයි.

රියදුරන් තිදෙනෙකුට සහ කොන්දොස්තරවරු තිදෙනෙකුට කෝවිඩ් – 19 ආසාදිත බව තහවුරුවී ඇත්තේ පසුගිය 21දා සිදු කළ PCR පරීක්‍ෂණයකිනි. ඉන් අනතුරුව එම ඩිපෝවේ ළමනාකාරවරයා ඇතුලූ රියදුරන්, කොන්දොස්තරවරුන්, කාර්මික අංශයේ සහ කාර්යාලයේ සේවය කරන සියලු නිලධාරින් ඇතුළු සේවකයින් 103 දෙනෙකු ඊයේ ( 25) PCR පරීක්‍ෂණයන්ට ලක්කර තිබේ.

මෙම තත්වය හමුවේ තණමල්විල ලංගම ඩිපෝවෙන් ධාවනය වන සියලුම බස්රථ ධාවනයද නතර කර ඇත.

Facebook
Twitter
LinkedIn